නේටෝව ආසියා පැසිෆික් කලාපයට ඇදගැනීමට උත්සාහ කරන ජපානය ප්‍රපාතයකට වැටෙනු ඇත
2023-02-02 19:59:24
Share with:

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, එරට සංචාරයක නිරත නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමඟ සාකච්ඡා පැවැත්වීය. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ දී දෙපාර්ශ්වය චීනයෙන් එන ඊනියා “මිලිටරි තර්ජනය”ක් පිළිබඳව දැඩි අතිශයෝක්තියෙන් කරුණු දක්වා තිබිණ. කිෂිඩා පැවසුවේ ජපානය නේටෝවේ තීරණ ගැනීමේ ආයතනය වන උතුරු අත්ලාන්තික් කවුන්සිලයේ රැස්වීම්වලට නිතිපතා සහභාගි වීම පිළිබඳව සලකා බලන අතර, ආසියා-පැසිෆික් කලාපයේ නේටෝ ආරක්ෂක සහයෝගිතාවට ඍජුව එක්වන  බවයි. ජපානයේ ඇතැම් බලවේග තම ආත්මාර්ථකාමී වාසි තකා බාහිර බලවේග සමඟ සම්බන්ධ වීමටත්,  ගැටුම් ඇතිවීමේ අවදානම ආසියා පැසිෆික් කලාපය තුළ ගැටුම් නිර්මාණය කිරීමටත් උත්සාහ කරන බවට  ලෝකය එළඹ ඇති දිගුකාලීන විනිශ්චය මින් සනාථ වේ.

ඇමරිකාව විසින් ක්‍රියාවට නැංවෙන නේටෝව එහි "ආසියා-පැසිෆික් අනුවාදයක්" නිර්මාණය කිරීමට උත්සාහ දරමින්, එම කලාපයට සිය ප්‍රවේශය පුළුල් කරමින් සිටින අතර, ජපානය මෙම ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකි.

පසුගිය වසර මුල දී යුක්රේන අර්බුදය හටගැනීමෙන් පසුව, ජපානය එරටට මිලිටරි සැපයුම් ලබාදීමේ දී ඇමරිකාව අනුගමනය කරමින් රුසියාවට සම්බාධක පැනවූ අතර එය නේටෝව විසින් "අගය කරන ලදී".

දිගුකාලීන ආර්ථික පසුබෑමක් තිබියදීත් සිය හමුදාව පුළුල් කිරීමට ජපාන රජය දරන උත්සාහය එරට ජනතාවගේ විවේචනයට ලක්ව ඇති අතර, අසල්වැසි රටවල් ද ඒ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවෙයි. ආසියා පැසිෆික් කලාපයේ අස්ථාවරත්වයට බියෙන් ජපානයේ ආරක්ෂක වියදම් දෙගුණ කිරීමේ තීරණය ඇමරිකාව සහ නේටෝව පිළිගෙන ඇත.

කෙසේ වෙතත් වත්මන් ජපානයට සිය අසල්වැසි රටවල් බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමේ දුෂ්ට මාවතට ආපසු යා හැකි තත්ත්වයක් නැත. වෘකයන් බඳු පිරිසකට ඇරයුම් කර ආසියා පැසිෆික් කලාපය අස්ථාවර කරන ලෙස ජපාන දේශපාලනඥයන් බල කර සිටියහොත් ඉදිරියේ ඇත්තේ ප්‍රපාතයකි.

ගුවන් විදුලිය
20230328අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම