බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ පළමු සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක්
2023-02-02 10:39:36
Share with:

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීමේ පළමු සංවත්සරය සැමරීමේ වැ‍ඩසටහන ඇරඹේ.

බෙයිජිංහි ඔලිම්පික් නගර සංවර්ධන සංගමයේ මහලේකම් Fu Xiaohui මහතා ඊයේ(1) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අසිරිමත් ඔලිම්පික් හා එක්ව අනාගතය බෙදා ගැනීම තේමා කර ගත් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීමේ පළමු සංවත්සරය සැමරීමේ වැ‍ඩසටහන මේ මස සිට මාර්තු මස දක්වා බෙයිජිං නග‍රයේ හා Zhang Jiakou නගරයේ පැවැත්වෙනු ඇති බවයි. එම වැඩසටහනේ සමාරම්භක උත්සවය ලබන 4 වනදා බෙයිජිංහි Shougang අයිස් හොකී ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත ය. බෙයිජිං නගරයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී Yang Haibin මහතා එහිදී පැවසුවේ මේ මස සිට මාර්තු මස දක්වා ශීත ඍතු ක්‍රීඩා තරග ඉසව් 8ක් පැවැත්වෙන අතර ඉන් ශීත ඍතු ක්‍රීඩාව පිළිබඳව ජනතාව‍ගේ උද්‍යෝගය දිරිගන්වන බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම