ජපානයේ මානව හිමිකම් තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට
2023-02-01 11:18:50
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජපානයේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කරයි.

ඊ‍යේ (31) එම කවුන්සිලයේ විවිධ රටවල මානව හිමිකම් සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වැනි රැස්වීම ජිනීවා හි දී පැවැත්විණ. රැස්වීමේදී ජපානයේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කිරීම සිදු විය. ජපානයේ පවතින මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්නය පිළිබඳව චීන නියෝජිතවරිය එහිදී අදහස් දක්වා ඇත. 

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ මිනිස් ජාවාරම ජපානයේ බරපතල ගැටළු වන අතර, එර‍ට වෙසෙන සෙසු ජාතීන්ට අයත් ජනතාව නිරතුරුව වෙනස් කොට සැලකීම් සහ වෛරී ප්‍රකාශනයන්ට ගොදුරු වෙමින් සිටින බව චීන නියෝජිතවරිය සඳහන් කරයි. "ලිංගික වහල්සේවය" ඇතුළු කාරණා සම්බන්ධයෙන් ජපානය සිය ඓතිහාසික වැරදි නොසලකා හැර ඇත. මීට අමතරව, ජපානයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම අසල්වැසි රටවල ජනතාවගේ සෞඛ්‍යය ඇතුළු බොහෝ මානව හිමිකම් බරපතල ලෙස හානි කරන්නක්  බව ද චීන නියෝජිතවරිය පැවසුවාය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම