ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වය තවත් නරක අතට
2023-02-01 09:32:44
Share with:

ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වය තවත් උග්‍ර වේ.

පසුගිය 30 වැනි දා ඇමරිකාවේ Texas ප්‍රාන්තයේ Dallas නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගිය අතර 3 දෙනෙක් තුවාල ලැබූහ. එදිනම රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් Illinois ප්‍රාන්තයේ Decatur නගරයේ 13 හැවිරිදි දරුවෙකු මිය ගිය බවත්, Alabama ප්‍රාන්තයේ Birmingham නගරයේ 14 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලැබූ බවත්, වාර්තා වේ.

මෙවන් සිද්ධීන් පිළිබඳව ඇමරිකානු මාධ්‍ය ලිපි පළ කරමින් පෙන්වා දුන්නේ ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වයෙන් නිදහස් කිසිදු තැනක් නොමැති බවයි. වෙඩි ප්‍රහාර හේතුවෙන් ඇමරිකාවේ දෛනිකව 100කට වැඩි පිරිසකට ජීවිත අහිමි වන අතර තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබති. අවි ප්‍රචණ්ඩත්වය ඇමරිකාවේ ළමුන්ගේ මරණයට ප්‍රධාන හේතුවක් බව ද එම ලිපි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම