සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ මූල්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කළ යුතුයි- චීන අගමැති පවසයි
2023-02-01 10:14:49
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා චීන මහජන බැංකුවේ හා විදේශ විනිමය කටයුතු පිළිබඳ පරිපාලන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

ලී ක ච්‍යං මහතා පසුගිය 30 වනදා එම නිරීක්ෂණ චාරිකාවට එක් වී වැඩමුළුවක් පැවැත්වීය. එහිදී හෙතෙම අවධාරණය කළේ ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනයට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ යෝජනා අනුගමනය කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ මූල්‍ය පදනම ශක්තිමත් කිරීමේ කාර්යභාරය තවදුරටත් ඉටු කළ යුතු බවයි. මූල්‍ය සේවා මට්ටම දියුණු කිරීම හා ආර්ථික වර්ධනය සාධාරණ තත්ත්වයක පැවතීම මගින් අධික ගුණාත්මක භාවයෙන් යුතු වර්ධනය ප්‍රවර්ධනය කළ හැකි ය.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ප්‍රතිපත්ති හා පියවර මාලාවක් ක්‍රියාවට නංවමින් පරිභෝජනය හා ආයෝජනය පුළුල් කිරීම හා ව්‍යුහ යහපත් කිරීම වෙනුවෙන් මූල්‍ය සහය ශක්තිමත් කළ යුතු බවද හෙතෙම පැවසීය. පෞද්ගලික සමාගම්, මධ්‍යම හා සුළු සමාගම් වෙනුවෙන් මුදල් සැපයීමේ පරිසරය යහපත් කිරීම, මූල්‍ය අවදානම් වැළැක්වීම හා විසඳීම මගින් චීන යුවාන් මුදල් ඒකකයට සාධාරණ මෙන්ම සමබර මට්ටමක මූලික ස්ථාවරත්වයක් කරා ළඟා විය හැකි බව ද ලී ක ච්‍යං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම