සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාරගැනීම ඇරඹේ
2023-02-01 14:50:12
Share with:

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) ඇරමේ. ලබන 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

පාසල් අයදුම්කරුවන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින් සහ පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අයදුම්පත් ඉදිරිපත් කළයුතුය.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්‍ෂිතව තබාගත යුතුය.

අයදුම්පත් භාරගැනීම ලබන 28 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. එම දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම