අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනපති හමුවෙයි
2023-02-01 14:36:36
Share with:

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වයි.

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු තවදුරටත් සහාය දැක්වීමට  නූලන්ඩ් මහත්මිය එහිදී එකඟතාව පළ කර තිබේ. ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මියට සිය කෘතඥතාව පළ කර ඇත.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද (01) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම