සියළු රටවල් කාලෝචිත, විවෘත හා විනිවිද පෙනෙන ආකාරයකින් ‌ෙපාදු ජයග්‍රහණ කරා ගමන් කළ යුතුයි
2023-02-01 13:49:05
Share with:

වර්තමානයේ මුළු මහත් ලෝකයම ගමන් කරනු ලබන්නේ අවධානම් කලාපයකය. එයින් මිදීමට නම් අතීතය තුළ කරන ලද වැරදි නිවැරදි කොට සියළු දෙනා එකාවන්ව එක අරමුණක සිට ඉදිරි දිශාව කරා ගමන් කළ යුතුය. එක් එක් රටවල් තුළ පවත්නා ශක්‍යතාවන් හඳුනාගෙන, එකිනෙකාට ගරු කරමින් පොදු අරමුණක් කරා ගමන් කිරීමේ අවශ්‍යතාව දැඩිව පෙනෙන්නට ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මයුරි වානගුරු මෙනවිය කියා සිටී.

අනාගත සංවර්ධනය වෙනුවෙන් නවීකරණ වූ ගමන්මගකට චීනය ප්‍රවේශ වී සිටී. චීන රජය කොවිඩ් පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය  තත්ත්වය සුරක්ෂිත කරමින්, ආර්ථිකය හා සමාජීය ස්ථාවරභාවය යළි තහවුරු කිරීමට කටයුතු කරමින් ඇත. ඒ සඳහා සමස්ත ගෝලීය ප්‍රජාව සහයෝගය ලබා දිය යුතු බව ද මයුරි වානගුරු මෙනවිය සඳහන් කළාය.

සෑම රටක් සතුව ස්වකීය අනන්‍යතාවක් පවතී. එක් එක් රට සතුව පවත්නා පාලන තන්ත්‍රයන් විසින් එම රටවල ගමන් මඟ තීරණය කරනු ඇත. එවැනි තත්ත්වයක් තුළ රටේ අභ්‍යන්තර ක්‍රියාකලාපයන් විවේචනය කරමින් ජාත්‍යන්තර වශයෙන් කරන්නා වූ චෝදනා හෝ විවේචන කෙසේවත් අනුමත කළ නොහැක.

කෙසේ වෙතත් ලොව පුරා කොරොනා වසංගතය අවසන් වී නොමැති බවත්, වෛරසයේ ස්වභාවය සහ බරපතල බව අවම වී ඇති බවත් අවබෝධ කර ගත යුතු කරුණකි. එවැනි තත්ත්වයක් තුළ ඇතැම් රටවල් වසංගත තොරතුරු සහ වෛරස දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ බෙදා ගන්නා ආකාරයක් පෙනෙන්නට නැත. එකිනෙකාට චෝදනා කර ගන්නවා වෙනුවට කාලෝචිත, විවෘත හා විනිවිද පෙනෙන ආකාරයකින් ගෝලීය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සියළු රටවල් පොදු අරමුණක් ඔස්සේ සංවර්ධනයේ මං සොයා ගමන් කළ යුතුව ඇතැයි ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙදිනී මයුරු වානගුරු මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම