පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චීන ජනපතිගේ ශෝකය පළ වේ
2023-02-01 19:35:29
Share with:

පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චීන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, පාකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා වෙත අද (1) ශෝක පණිවුඩයක් යොමු කරමින් එරට Peshawar නගරයේ පල්ලියක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේය.

චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත්, තමා පෞද්ගලිකවත් එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත අවංක සංවේගය හා සානුකම්පාව පළ කරන බව ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සඳහන් වේ. ලොව මුහුණ දී සිටින දරුණු ත්‍රස්තවාදයට තරයේ විරුද්ධ වන චීනය, එම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ද හෙතෙම කියාසිටී.

පාකිස්ථානය සමඟ එක් ව ත්‍රස්තවාදය මර්දනය කිරීමේ සහයෝගිතා පුළුල් කරමින් ලෝකයේ මෙන්ම කලාපීය සාමය සහ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ද, චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම