ඇමරිකානු රජය සිදු කරන මිලිටරි තර්ජන ඉරානය ප්‍රතික්ෂේප කරයි
2023-02-01 14:26:32
Share with:

ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ ශක්‍යතාව වැළැක්වීම සඳහා මිලිටරි මාධ්‍ය භාවිත කිරීමේ හැකියාව ඇමරිකාව බැහැර නොකරන බව ප්‍රකාශ කෙරේ. මැදපෙරදිග සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා පසුගියා 29වැනිදා මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය පසුගිය 30වැනිදා සඳහන් කළේ  Antony Blinken මහතාගේ තර්ජනාත්මක ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. ඒ සමගම ඉරානයේ ජාතික අවශ්‍යතා හෝ භූමි ප්‍රදේශය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ඉරාන විදේශ අමාත්‍යාංශය ඇමරිකානු රජයට අනතුරු ඇඟවීය.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා එහි දී කියා සිටියේ ඉරානය සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සාමකාමී අරමුණු සඳහා පමණක් වන බව නැවත නැවතත් අවධාරණය කර ඇති බවයි. ඉරානයේ ජාතික ආරක්ෂක සැලැස්ම තුළ න්‍යෂ්ටික අවි සඳහා ඉඩක් නොමැති නමුත්, න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීමට ඉරානයට ද අයිතියක් ඇති බව ඔහු පැවසීය. ඇමරිකානු රජය ඉරානයට එරෙහිව සිදු කරන මිලිටරි තර්ජන සඳහා වන නෛතික හා ජාත්‍යන්තර වගකීම් පිළිබඳව ද මෙවැනි ප්‍රකෝපකාරී ප්‍රකාශවලින් ඇති වන දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳව ද නැවත සිතා බැලිය යුතු බව Nasser Kanaani මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම