ලෝකය තම රටේ ආර්ථික වර්ධනය පිළිබඳ පූර්ණ විශ්වාසයෙන් පසුවන බව චීනය කියයි
2023-02-01 17:26:49
Share with:

මෙම වසරේ චීන ආර්ථිකය සිය ජීව ශක්තිය හා විභවතා සම්පූර්ණයෙන් මුදාහරිනු ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

චීන ආර්ථිකය, ලෝක ආර්ථිකයට විශ්වාසය හා ශක්තිය ලබා දෙනු ඇතැයි ද ඇය කියාසිටියාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා "2023 ලෝක ආර්ථික තත්ත්වය සහ දැක්ම" නමැති වාර්තාව නිකුත් කළේය. චීන ආර්ථික වර්ධනය මේ වසරේ 4.8% ක් දක්වා වර්ධනය වනු ඇති බවට එම වාර්තාවෙන් අනාවැකි පළ කර තිබේ. ඒ සමඟම, මේ වසරේ චීන ආර්ථික වර්ධනයේ අපේක්ෂාව 5.2% ක් දක්වා ඉහළ නංවා ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ‘ලෝක ආර්ථික දැක්ම’වාර්තාවේ සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Mao Ning මහත්මිය ප්‍රකාශ කළේ, ලෝකය, චීන ආර්ථික වර්ධනයේ අනාගතය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා ඇති බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම