පලස්තීන ජනාධිපති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
2023-02-01 14:17:34
Share with:

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ඊයේ(31) ජෝර්දාන් ග‍ඟේ බටහිර ඉවුරේ පිහිටි Ramallah නගරයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමු විය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

පලස්තීන මාධ්‍ය වාර්තාවට අනුව, Mahmoud Abbas මහතා එහිදී පෙන්වා දුන්නේ, පලස්තීන භූමි ප්‍රදේශවල පවතින ආතතීන් සඳහා ඊශ්‍රායල රජය "සම්පූර්ණ වගකීම" භාර ගත යුතු බවයි.

ඊශ්‍රායලයේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව පීඩනය වැඩි කළ යුතු බවත්, පලස්තීනයේ පූර්ණ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට ජාත්‍යන්තර ප්‍රජාව සහාය විය යුතු බවත්, Mahmoud Abbas මහතා සඳහන් කළේ ය.

Antony Blinken මහතා කියා සිටියේ, ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නය සඳහා "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සහාය දක්වන බවයි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

එදිනම ජෝර්දාන් ගඟ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ බොහෝ ස්ථානවල පලස්තීනුවන් රැස් වූහ. ඔවුන් "ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරනු" වැනි පුවරු ප්‍රදර්ශනය කරමින්, Antony Blinkenගේ පැමිණීමට විරෝධ පළ කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම