බ්‍රිතාන්‍යය තුළ යළිත් වැඩ වර්ජන රැල්ලක්
2023-02-01 09:23:54
Share with:
බ්‍රිතාන්‍යයේ කර්මාන්ත රැසක නියුක්තිකයින් නැවතත් වැඩ වර්ජනයට සැරසේ.
බලශක්ති මිල ඉහල යාම, උද්ධමනය අධික අගයක පැවතීම යන හේතු නිසා බ්‍රිතාන්‍යයේ කර්මාන්ත රැසක වැඩ වර්ජන ක්‍රියාත්මක කෙරේ. පෙබරවාරි 1දා සිට, ගුරුවරුන්, රාජ්‍ය සේවකයින්, දුම්රිය රියදුරන් ඇතුළු ලක්ෂ පහක පිරිසක් වැඩ වර්ජනයේ යෙදීමට සැලසුම් කර තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර වැටුප් හා මානව කළමනාකරණ ගැටුම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා නියුක්තිකයින් දහස් ගණනක් එළඹෙන 10 වැනිදා සිට යළි වැඩ වර්ජනය ආරම්භ කරනු ඇතැයි ද බ්‍රිතාන්‍ය පොදු සේවා කර්මාන්ත වෘත්තීය සමිතිය ප්‍රකාශ කර ඇත.