චීන ජනපති සංවර්ධන රටාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කරයි
2023-02-01 17:21:10
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා  නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කර සංවර්ධනයේ ආරක්ෂාව පිළිබඳ මුලපිරීමේ වැදගත්කම අවධාරණය කරයි. හෙතෙම මේ බව කියාසිටියේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ, දෙවන කණ්ඩායම් අධ්‍යයන සැසියට එක්වෙමින් පැවැත්වූ  දේශනයේ දී ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (31) නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කිරීම පිළිබඳව  කණ්ඩායම් අධ්‍යයනයක් පැවැත්විය.

නව සංවර්ධන රටාවක් ගොඩනැගීම කඩිනම් කිරීම හා දෙවැනි සියවසේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සමතුලිත සංවර්ධනය සහ ආරක්ෂාව මත පදනම්ව ගන්නා ලද උපායමාර්ගික තීරණයක් බව අධ්‍යයන සැසියේ මුලසුන දැරූ ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කිරීමෙන් පමණක් චීන ආර්ථික සංවර්ධනයේ පදනම තහවුරු කරගත යුතුය. ඒ මත සංවර්ධනයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නංවා, චීන ජාතික  ශක්‍යතාව, තරඟකාරිත්වය, සංවර්ධන බලය, තිරසරභාවය සහ ශ්‍රේෂ්ඨ නූතන සමාජවාදී රටක් සාර්ථකව ගොඩනැගීමේ ඉලක්කය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත හැකි බව ද මහලේකම් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම