‘නව සීතල යුද්ධයක්’ ඇතිකිරීමේ සියලු ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත
2023-02-01 17:24:40
Share with:

ජපානයේ නිල සංචාරයක නිරත NATO සංවිධානයේ මහලේකම් Jens Stoltenberg මහතා, ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා සමග ඊයේ(31) රාත්‍රියේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සමුද්‍ර ආරක්ෂාව, සයිබර් අවකාශය, ආයුධ පාලනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා දෙපාර්ශ්වය සහයෝගිතා පවත්වනු ඇති බව එමගින් ප්‍රකාශයට පත් කෙරිණ. මෙහිදී ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ චීන යුදමය බලය හා චීනයේ තායිවාන ප්‍රදේශය යි. ගතවූ වසර 6 ක පමණ කාලය තුළ,  NATO සංවිධානයේ මහලේකම්වරයා එක්වූ ප්‍රථම ජපාන සංචාරය මෙය බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත. ජපානය හා NATO සංවිධානය ‘හදිසි සංහිඳියාවක්’ උදෙසා සන්ධාන ගතවෙමින් සිටින බව ද එම වාර්තා පෙන්වා දී තිබේ.

NATO සංවිධානය ස්ථාපනය කළදා සිට ම එය ඇමරිකාව සිය අනුගාමිකයන් රඳවා ගැනීමට යොදා ගත් උපකරණයක් විය. සීතල යුද්ධයේ නිමාවත් සමග, NATO සංවිධානය නිශ්චිත ඉලක්කයකින් තොර වීම ද කැපීපෙනෙන කරුණකි. ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා එම සංවිධානය හඳුන්වාදෙන්නේ ‘මියගිය මොළයක්’ ලෙස යි. පසුගිය වසර ආරම්භයේ යුක්රේන අර්බුදය හටගැනීමෙන් පසු, NATO සංවිධානය යළි සක්‍රිය කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී. චීනයට පීඩා එල්ල කරමින් ඇමරිකානු අධිපතිවාදය සුරැකීමේ උපකරණයක් බවට එම සංවිධානය පත්කිරීම ඇමරිකාවේ අරමුණයි.

සීතල යුද්ධය නිසා පමණක් ස්ථාපිත වූ, එහෙත් යුගය විසින් බැහැර කරනු ලැබූ NATO සංවිධානය, සිය කාර්යභාරයන් ඉස්මතු කිරීම සඳහා ඊනියා ආරක්ෂක තර්ජන පිළිබඳව සෑමවිටම අතිශයෝක්තියෙන් හුවා දක්වමින් ජපානය හා දකුණු කොරියාව සමග නිරන්තරයෙන්  සම්බන්ධතා පවත්වා ඇත.

සීතල යුද්ධය නිමාවට පත්වීමත් සමග, NATO සංවිධානය යුදමය සන්ධානයක සිට දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික සන්ධානයක් දක්වා පරිවර්තනය වෙමින් සිටී. එහි ක්‍රියාකාරීත්වය ද අඛණ්ඩ ව පහත වැටී ඇත. ඇමරිකාව හා NATO සංවිධානය සිය අලාභ වෙනත් පාර්ශ්වයන් වෙත පැටවීමේ උත්සාහයන්ට ආසියා ශාන්තිකර කලාපීය බහුතර රටවල් දැඩි ලෙස විරුද්ධ වෙයි.

ආසියා ශාන්තිකර කලාපය බලවත් රටවල සටන් බිමක් නොවේ. ‘නව සීතල යුද්ධයක්’ඇතිකිරීමේ කිසිදු උත්සාහයකට එම කලාපයේ ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත. එසේම වර්තමාන යුගය ද එවැන්නක් කිසිසේත් අපේක්ෂා නොකරයි. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම