ඉදිරි යල කන්නය සඳහා යූරියා මිල දී ගැනීමට රුපියල් බිලියන 10 ක්
2023-02-01 14:56:19
Share with:

ඉදිරි යල කන්නයේ වී සහ බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීමට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩාවන් හි යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් පවතින බවත් ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යාංශය පවසයි. රුපියල් බිලියන 10ක මුදල වෙන් කෙරෙන්නේ එම යූරියා තොගය මිලට ගැනීම සඳහායි.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීමෙන් යල කන්නයේ වී හා බඩඉරිඟු ඇතුළු අනිකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර නිසි අයුරින් සැපයිය හැකි බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම