ආසියා-පැසිෆික් කලාපය භූ දේශපාලනික එදිරිවාදිකම් සඳහා සටන් බිමක් නොවන බව චීනය කියාසිටී
2023-02-01 18:05:27
Share with:

ආසියා-පැසිෆික් කලාපය භූ දේශපාලන තරඟය සඳහා සටන් බිමක් නොවන අතර, සීතල යුද මානසිකත්වයෙන් යුතු කඳවුරු අතර ගැටුමක් කිසිසේත් අනුමත කළ නොහැකි බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. චීනය පිළිබඳව නේටෝ සංවිධානයේ මහලේකම්වරයා කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව කියාසිටියේ, අද (01) පැවති  නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය.

නේටෝ මහලේකම්වරයා සිය ජපාන සංචාරයේ දී ප්‍රකාශ කර ඇත්තේ, චීනයෙන් එල්ල වන ආරක්ෂක තර්ජනයට මුහුණ දීමේ දී තම සන්ධානය එක්සත්ව සහ ස්ථිරව සිටිය යුතු බවයි.

චීනය සෑමවිටම ගෝලීය මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කරන්නෙකු බව Mao Ning මහත්මිය පෙන්වාදෙයි. උද්වේගකර ගැටළු සම්බන්ධයෙන්, චීනය සාම සාකච්ඡා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටී. නේටෝව යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම භූමිකාව ගැන දැඩි ලෙස සිතා බැලිය යුතු බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම