ඇතැම් රටවල් චීන ජනතාවට එරෙහිව පනවා ඇති වෙනස් ලෙස සැලකීමේ සීමාවන්ට එරෙහිව චීනයෙන් ප්‍රතිපියවර
2023-01-31 17:19:27
Share with:

ඇතැම් රටවල් චීන ජනතාවට එරෙහිව පනවා ඇති වෙනස් ලෙස සැලකීමේ සීමාවන්ට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීනය ප්‍රකාශ කරයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

චීනය නව කොරොනා වෛරස ආසාදනය බෝවන රෝග පිළිබඳ A මට්ටමේ’සිට ‘ B මට්ටම’දක්වා පහළ දැමීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇතැම් රටවල් චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට විද්‍යාත්මක නොවන ඇතුළුවීමේ සීමාවන් පනවා ඇත. ඒ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය ඉතා අවංකව හා ප්‍රායෝගික ආකල්පයකින් අදාළ රටවල් සමඟ පූර්ණ සන්නිවේදනයක නිරතව ඇති බව Mao Ning මහත්මිය පැවසුවාය. එමෙන්ම චීනයේ වසංගත වැළැක්වීමේ පියවරයන් ප්‍රශස්ත කිරීම පිළිබඳ විද්‍යාත්මකභාවය හා තාර්කිකත්වය සහ චීනයේ වත්මන් දේශීය වසංගත තත්ත්වය විස්තරාත්මකව පැහැදිලි කර ඇති බව ද ඇය සඳහන් කළාය. එහෙත් ඇතැම් රටවල් තවමත් චීනයට එරෙහිව වෙනස් කොට සැලකීමේ සීමාවන් අනුගමනය කරයි. ඒ පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරමින් අවශ්‍ය ප්‍රති පියවර ගනු ඇති බව Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම