යුක්රේන අර්බුදය පිළිබඳ චීනයේ ස්ථාවරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
2023-01-31 10:30:21
Share with:

චීන සමාගම් රුසියාවට සහනාධාර සැපයීම සම්බන්ධයෙන් ඇමරිකාව චෝදනා කරන බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ යුක්රේන අර්බුදය පිළිබඳව චීනයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය නොහැකි බවයි. එ‍මෙන්ම එම ප්‍රශ්නය උග්‍ර කිරීමට කිසිසේත්ම බලපෑම් නොකරන බවත් එමගින් කිසිදු ප්‍රතිලාභයක් චීනය අත් කර නොගන්නා බවත් ඇය පැහැදිලි කළාය. යුක්රේනය වෙත ඇමරිකාව අඛණ්ඩවම බර අවි හා ප්‍රහාරක අවි යොමු කරමින් එම අර්බුදය උග්‍ර කරමින් සිටී. සිය ක්‍රියාකලාපය පිළිබඳව ස්වයං විවේචනාත්මකව සිතා නොබලන ඇමරිකාව පෙරළා චීනයට අසත්‍ය චෝදනා නගා ඇත. පදනමක් රහිත එම චෝදනා චීනය පිළි නොගන්නා බව Mao Ning මහත්මිය කියා සිටියාය.

ඇමරිකාව, යුක්රේන ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය සහ මෙම අර්බුදය කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, අවි ආයුධ සැපයීමෙන් මෙම සටනේ ප්‍රතිලාභ ලබා ගැනීමේ වැරදි සහගත ක්‍රියාවන්ගෙන් මිදි කටයුතු කළ යුතු ව තිබේ. වගකීම් සහගතව මෙම අර්බුදය සමනය කිරීමට සහය දක්වමින් අදාළ පාර්ශ්ව සමඟ සාමකාමී සාකච්ඡාවන් පැවැත්වීම සඳහා අවශ්‍ය හිතකර පරිසරයක් සහ කොන්දේසි ඇමරිකාව නිර්මාණය කළ යුතු බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම