පකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් 93 දෙනෙක් මරුට
2023-01-31 09:34:53
Share with:

පකිස්ථානයේ Peshawar හි පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැඩිව හෙළා දකී. 

ඊයේ (30) එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම සිද්ධිය දැඩිව හෙළා දකින බවයි.

Peshawar හී ඉස්ලාම් පල්ලියක ඊයේ (30) බෝම්බ පිපිරීමක් සිදු වූ අතර ඉන් අවම වශයෙන් 93 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. තවත් පුද්ගලයින් 221 දෙනෙකුට තුවාල සිදු වී ඇති බවද පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේය. 

එම බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව Antonio Guterres මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම