ඇමරිකානු අනුබලය සහිත සිරියානු කැරළි කණ්ඩායමක් සිවිල් පුරවැසියන් පැහැර ගෙන ඇතැයි වාර්තා වෙයි
2023-01-31 14:19:45
Share with:

ඇමරිකාවේ අනුබලය සහිත සිරියානු කැරළි කණ්ඩායමක් වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව රටේ සිවිල් පුරවැසියන් පැහැර ගත් බව වාර්තා වේ. Al Hasakah පළාතේ දකුණු ප්‍රදේශයේ ගම්මාන, Shaddadi නගරයට ආසන්න ප්‍රදේශය හා Racca නගරය ඇතුළු ප්‍රදේශවලදී,  සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව ජන වාසස්ථානවලට හදිසි ප්‍රහාර එල්ල  කර ඇත. එහිදී තරුණ ‍පිරිස් සිය කඳවුරට පැහැර ගත් අතර ඔවුන්ට සිය හමුදාමය මෙහෙයුම්වලට එක්වන ලෙස බල කළ බව සිරියානු පුවත් ඒජන්සිය ඊයේ(30) වාර්තා කළේය.

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව විසින් නිරන්තරයෙන් එවන් සිවිල් වැසියන් පැහැර ගැනීම සිදු කරනු ලබයි. කෝපයට පත්වූ ජනතාව කැරළි කණ්ඩායම්වල එවන් නිත්‍යානුකූල නොවන ක්‍රියාවන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී උද්ඝෝෂණ පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම