රුසියාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කෙරේ
2023-01-31 08:58:02
Share with:

රුසියාව සහ පකිස්ථානය බලශක්ති සහයෝගීතාවය, ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ කලාපීය වශයෙන් වැදගත් වන ගැටළු පිළිබඳව සාකච්ඡා කරයි.

රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා ඊයේ (30) මොස්කව් නුවර දී සංචාරයක නිරත පකිස්ථාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari මහතා හමු විය. එම හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී Sergei Lavrov මහතා ප්‍රකාශ කළේ බලශක්ති සහ අනෙකුත් ආර්ථික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ පකිස්ථානය බලාපොරොත්තු වන බවයි. "Pakistan Stream" නමැති ගෑස් නල මාර්ගය ඉදිකිරීමට අදාළ ගැටළු සම්බන්ධ පර්යේෂණ දැනටමත් අවසාන අදියරේ පවතින අතර, නුදුරේදීම ඉන්  ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.

"Pakistan Stream" ගෑස් නල මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර 1,100 කට වඩා වැඩි වන අතර, දකුණු පකිස්ථානයේ කරච්චි සහ ග්වාදාර් වරායේ සිට උතුරු පකිස්ථානයේ පන්ජාබ් පළාතේ කසුර් ප්‍රදේශය දක්වා එය විහිදෙන අතර, සැලසුම් කළ වාර්ෂික ගෑස් සම්ප්‍රේෂණ ධාරිතාව ඝන මීටර් බිලියන 12.3කි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම