දැඩි විනයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණ පිළිබඳව චීන ජනාධිපතිවරයා‍ ගෙන් ලිපියක්
2023-01-31 18:46:54
Share with:

‘පක්ෂය සම්පූර්ණයෙන් දැඩි ලෙස පාලනය කිරීමෙන්, පක්ෂයේ ස්වයං විප්ලවය මත විශ්වාසය තබා ඓතිහාසික චක්‍රයෙන් මිදීමට සාර්ථක මගක් සොයාගෙන ඇත’යන මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය ‘Qiushi’සඟරාවේ පළ වේ.

එම ‍ලිපිය හෙට (1) එළි දැක්වෙන‘Qiushi’සඟරාවේ වසර 2023 ජනවාරි මස තුන්වැනි කලාපයේ පළ කිරීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයෙන් පසු පක්ෂය සම්පූර්ණයෙන් දැඩි ලෙස පාලනය කරමින් ඓතිහාසික හා නිර්මාණශීලි ජයග්‍රහණ ලබා ගෙන ඇති අතර ඉන් සර්ව පරිසමාප්ත හා ගැඹුරු බලපෑමක් සිදු කර තිබෙන බවත් එය දීගු කාලීනව ඉදිරියට ගෙන යා යුතු බව එම  ලි‍පියෙන් අවධාරණය කෙරේ.

පක්ෂය සම්පූර්ණයෙන් දැඩි ලෙස පාලනය කිරීම නව යුගයේ පක්ෂයේ ස්වයං විප්ලවයේ විශිෂ්ට පරිචයක් වන අතර එය සියවස් පැරණි මහා පක්ෂයේ ස්වයං විප්ලවයේ නව ක්ෂේත්‍රයක් විවර කර ඇතැයි ද එහි දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම