චීන ජනපති හංගේරියානු යෞවන යෞවනියන්ට දෙරටේ මිත්‍ර දූතයන් බවට පත්වීම දිරිගන්වයි
2023-01-31 15:18:28
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හංගේරියානු යෞවන යෞවනියන්ට දෙරටේ මිත්‍ර දූතයන් බවට පත්වීම දිරිගන්වයි.

ෂී ජින් පිං මහතා පසුගිය දා හංගේරියාවේ හංගේරියානු-චීන ද්වීභාෂා පාසලේ සිසුන් වෙත ප්‍රතිචාර ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කළේ ය.

දෙරටේ ජනතාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය පවතින අතර, මානව හුවමාරු අඛණ්ඩ ව සමීප ලෙස සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියා සිටී. වඩාත් වැඩි හංගේරියානු යෞවන යෞවනියන් චීන භාෂාව හදාරනු ඇති බවට චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි. ඔවුන් වත්මන් චීනය, චීන ඉතිහාසය හා සංස්කෘතීන් හොඳින් අවබෝධ කර ගනු ඇතැයි ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් අපේක්ෂා පළ කරයි.

හංගේරියානු-චීන ද්වීභාෂා පාසල 2004 වසරේ සැප්තැම්බර් මස ස්ථාපිත කෙරිණ. මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ චීන භාෂාවෙන් හා තම මව් භාෂාවෙන් ඉගැන්වීමේ කටයුතු වල නිරත එකම රජයේ පාසල මෙයයි. පසුගිය දා උදාවූ චීන වසන්ත උත්සවයට පෙර, පාසලේ සිසුන් දෙදෙනෙක් ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය පං ලී යුවන් මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් චීන නව වසරට සුබ පැතුම් පිරිනැමූහ. අනාගතයෙදී චීන විශ්වවිද්‍යාල වලදී අධ්‍යාපනය ලබා ගෙන දෙරටේ මිතුදම තහවුරු කිරීමට දායක වීමේ අභිලාෂ ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම