මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.9% ක් වන අතර, චීන ආර්ථිකය 5.2% ක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ
2023-01-31 11:53:25
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘ලෝක ආර්ථික දැක්ම’ වාර්තාව නිකුත් කරයි. යාවත්කාලීන කෙරුණු එම වාර්තාව අද(31) සිංගප්පූරුවේ පැවති මාධ්‍ය හමුවක දී  නිකුත් කරනු ලැබීය.

2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.9%ක් වනු ඇති බවත්, 2024 වසරේ දී එම අගය 3.1% දක්වා ඉහළ යනු ඇති බවත් මෙම වාර්තාව පුරෝකථනය කර ඇත. එසේම 2023 වසරේ චීනයේ ආර්ථික වර්ධනය 5.2% ක් වනු ඇතැයි ද එහි දැක්වෙයි. 

උද්ධමනයට එරෙහිව සටන් කිරීමට මහ බැංකු පොළී අනුපාත වැඩි කිරීම මෙන්ම රුසියානු-යුක්රේන ගැටුම දිගටම පැවතීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් මත දැඩි බරක් පැටවෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාසිටී.

2022 වසරේ ගෝලීය උද්ධමනය 8.8% කි. මෙම අගය මේ වසරේ දී  6.6% ක් දක්වා පහත වැටෙනු ඇති අතර, 2024 වසරේ දී එය 4.3% ක් වනු ඇත. නමුත් මෙම අගය පවා, 2017-2019 අතර කාලයේ එනම්, වසංගතයට පෙර අවදියේ පැවති 3.5% ක මට්ටමට වඩා ඉහළ බව ද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම