සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2023-01-31 14:33:15
Share with:

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ඇතැම් ආයතන හා පුද්ගලයන් එම බද්දෙන් නිදහස් කිරීමට හැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන පුද්ගලයින් මත සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා ඇති අතර, ඇතැම් අපනයන කර්මාන්තකරුවන්ට හා ඉතා කුඩා ලාභාන්තිකයක් සහිතව විදේශ විනිමය උපයන අයට මෙමගින් ව්‍යවසායක කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බව මුදල් අමාත්‍යාංශයට වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම