චීන විදේශ අමාත්‍යවරයා නෙදර්ලන්තයේ, සෞදි අරාබියේ හා ආජන්ටිනාවේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වෙයි
2023-01-31 10:13:27
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා, නෙදර්ලන්ත උප අගමැති හා විදේශ අමාත්‍ය Wopke Hoekstra, සෞදි අරාබි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud සහ ආජන්ටිනා විදේශ අමාත්‍ය Santiago Cafiero යන මහත්වරුන් සමඟ වෙන් වෙන්ව දුරකථන සංවාදවල නිරත වෙයි. ‍

නෙදර්ලන්තය සමඟ දේශගුණික විපර්යාසය ඇතුළු විවිධ ක්ෂේත්‍ර අතර පවතින සහයෝගීතාවය ශක්තිමත් කරමින්, විවෘත හා අනුක්‍රමික ජාත්‍යන්තර වෙළඳ පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා පැවසීය.

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සෞදි අරාබි ප්‍රජාවක් ගොඩනගමින්, චීන-ගල්ෆ් අරාබි රාජ්‍යයන් අතර පවතින උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට චීනය අපේක්‍‍ෂා කරන බව හෙතෙම පෙන්වා දුන්නේය. සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ සහ සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඇතුළු ජාත්‍යන්තර මූලධර්මයන් එක්ව ආරක්ෂා කිරීම චීනයේ බලාපොරොත්තුව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ආජන්ටිනාවට සිය ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට චීනය අඛණ්ඩව සහය වන බවත් “ එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙළේ උසස් මට්ටමේ සංවර්ධනය සඳහා කටයුතු කරන බව ද Qin Gang මහතා පැවසීය.

චීනය සමඟ පවතින විවිධ මට්ට‍මේ සම්බන්ධතා සහ විවිධ ක්ෂේත්‍රවල සහ‍යෝගීතා ශක්තිමත් කිරීමටත්, නාය‍කයන්ගේ වැදගත් පොදු එකඟතාවන් අනුගමනය කරමින් ද්විපාර්ශ්වික සබඳතාවයන් වඩා ඉහළ මට්ටමකට ගෙන යාමටත් කැමැත්තෙන් සිටින බව නෙදර්ලන්තයේ, සෞදි අරාබියේ හා ආජන්ටිනාවේ විදේශ අමාත්‍යවරු මෙහි දී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම