චීන සමාගම් මර්දනය කිරීමට ඇමරිකාව රාජ්‍ය බලය යෙදවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2023-01-31 16:52:41
Share with:

කිසිදු පදනමකින් තොරව චීන සමාගම් මර්දනය කිරීමට ඇමරිකාව රාජ්‍ය බලය යෙදවීමට තරයේ විරුද්ධ බව චීනය පවසයි.

ජෝ බයිඩන් පරිපාලනය චීන සමාගම් වෙත ඇමරිකාවේ අධි තාක්‍ෂණික අපනයන තහනම් කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා විය.චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊට ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසුවේ අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමරිකාව සිය රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් චීන සමාගම්වලට එරෙහිව කිසිදු  පදනමක් නොමැති මර්දනයන් සිදු කර තිබේ. වෙළඳපල ආර්ථිකයේ සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති රීතිවලට පටහැනි  මෙවැනි ක්‍රියාවන් ගෙන් ඇමරිකානු ව්‍යාපාරික පරිසරය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ ඇති  විශ්වාසය හීන කෙ‍රේ. චීනය තම රටේ සමාගම්වල නීත්‍යනුකූල අයිතීන් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව Mao Ning මහත්මිය අවධාණය කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම