පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන්ට මැතිවරණ කොමිසම වෙත කැඳවීමක්
2023-01-31 14:31:38
Share with:

පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇත.

ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙනු ලබන නිරීක්ෂණ සංවිධාන සම්බන්ධයෙන් ලබන මස මුලදී තීරණය කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම