රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරු සේවයට
2023-01-30 15:21:28
Share with:

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවයි.

2018, 2019 හා 2020 වසරවල රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් මෙලෙස අයදුම්පත් කැඳවා තිබේ. අයදුම්පත් සංඛ්‍යාව අනුව, ලබන මාර්තු මාසයේ දී දීපව්‍යාප්ත මට්ටමින් මෙම තරග විභාගය පැවැත්වෙනු ඇත.පළාත් පාසල් සහ ජාතික පාසල් සඳහා මෙම ගුරුවරුන් යෙදවීමට නියමිතයි.

තරග විභාගයෙන් සමත් වන උපාධිධාරීන් වසර තුනක පරිවාස කාලයකට යටත් කිරීමෙන් පසු ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරෙනු ඇත.

සියලු  අයදුම්පත් පෙබරවාරි 10 වැනි දිනට පෙර අන්තර්ජාලය ඔස්සේ යොමුකළ යුතු බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පැවසීය. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම