ඇමරිකානු ජනතාව එරට අවි ආයුධ පාලන හැකියාව පිළිබඳව අසුභවාදි ආකල්පයක සිටින බව අනාවරණය වේ
2023-01-30 11:24:21
Share with:


ඇමරිකානු ජනතාව එරට අවි ආයුධ පාලන හැකියාව පිළිබඳව අසුභවාදි ආකල්පයක සිටින බව ඇමරිකානු AP පුවත් ඒජන්සිය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ අත්සන් කළ ‘අවි ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමේ පනතට’ කොංග්‍රසයේ බහුතර සාමාජිකයින්ගේ එකඟත්වය හිමි විය. නමුත් එම පනත කිසිදු අයුරකින් ඵලදායී නොවන ක්‍රියාමාර්ගයක් බව Pew පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කළ ජනමත විමසුමට එක්වූ සියයට 78ක් වූ බහුතර පිරිසකගේ පොදු මතය බව වාර්තා වේ.

අනතුරුව චිකාගෝ විශ්ව විද්‍යාලයේ Harris පොදු ප්‍රතිපත්ති පීඨය සහ AP පුවත් ඒජන්සියේ පොදු කටයුතු පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කෙරුණු ඒකාබද්ධ ජනමත විමසුමට අනුව අවි ආයුධ පාලනය වඩාත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව සියයට 71ක් වූ ඇමරිකානුවන්ගේ අදහස වන බව ද තහවුරු වී ඇත.

මේ අතර, සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල අවි හිමිකම් සහතික කිරීම වැදගත් බව ද සියයට 52ක් අදහස් පළ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම