චීනයේ අන්තර්ජාල සිල්ලර විකිණුම්වල වර්ධනයක්
2023-01-30 14:37:13
Share with:

2022 වසරේ චීනයේ කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි අන්තර්ජාල සිල්ලර විකිණුම් චීන යුවාන් බිලියන 500 ඉක්මවයි. එය 2021 වසරට සාපේක්ෂව 9.2% ක වර්ධනයකි.

චීන වාණිජ අමාත්‍යාංශයේ, ඊ-වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා 2022 වසරේ අන්තර්ජාල සිල්ලර වෙළඳපොළ සංවර්ධනය පිළිබඳ විග්‍රහ කරමින් අද (30) මේ බව පැවසීය.

ඉකුත් වසරේ චීනයේ අන්තර්ජාල සිල්ලර වෙළඳපොළ සමස්තයක් ලෙස ක්‍රමිකව වර්ධනය වී ඇත. ඒ අනුව, 2022 වසරේ අන්තර්ජාලය ඔස්සේ කෙරුණු සිල්ලර විකුණුම් ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 13.79 ක් වූ අතර, එය වසරින් වසර 4% ක වැඩිවීමකි. එසේම, භාණ්ඩවල අන්තර්ජාල සිල්ලර විකුණුම් චීන යුවාන් ට්‍රිලියන 11.96 ක් වූ අතර, එය වසරින් වසර 6.2% ක වැඩිවීමකි. ‍එසේම, චීනයේ ග්‍රාමීය ප්‍රදේශයන්හි අන්තර්ජාල සිල්ලර විකුණුම් චීන යුවාන් ට්‍රිලියන 2.17 ක් වූ අතර, එය 3.6%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

චීනයේ දේශසීමා හරහා සිදුකෙරෙන ඊ-වාණිජ්‍යය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. රේගු දත්ත අනුව,ඉකුත් වසරේ දේශසීමා හරහා සිදුකෙරුණු ඊ-වාණිජ්‍යය ආනයනය සහ අපනයනය චීන යුවාන් ට්‍රිලියන 2.11 දක්වා ළඟා වූ අතර එය  9.8% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම