විදේශ ගමන් බලපත්‍ර සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50 ක්
2023-01-30 15:17:43
Share with:

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50 ක් ස්ථාපනය කිරීමට රජය තීරණය කරයි. කොළඹ ප්‍රධාන කාර්යාලය හැර වවුනියාව, කුරුණෑගල, මාතර සහ මහනුවර යන ප්‍රාදේශීය කාර්යාල හතරක මේ වන විට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදුකෙරේ.

මෙම සේවාවේ ඉහළ කාර්යක්ෂමතාව උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව මධ්‍යස්ථාන 50 ක් ස්ථාපනය කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම