තමරට අන්‍යොන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යොන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ඇමරිකාව සමග සන්නිවේදනය හා සහයෝගිතා පවත්වනු ඇතැයි චීනය කියයි
2023-01-30 17:20:03
Share with:

ඇමරිකාව සන්නිවේදනය සහ  සහයෝගිතාව පිළිබඳව චීනය සමඟ සාකච්ජා කරන අතර,  චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය අද (30)පැවති  නිත්‍ය මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.

 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක‍යෙකු, එරට  රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය ගැන පසුගිය දිනක යළිත් අදහස් දක්වා ඇති අතර, මෙම සංචාරයේ දී, තරඟකාරීත්වය වගකීමෙන් කළමනාකරණය කරන්නේ කෙසේද සහ ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමේදී සහයෝගිතාව ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරන බව ද පවසා තිබේ.

  සිය ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දී නොසැලී සිටින චීනය, අන්‍යොන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යොන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ඇමරිකාව සමඟ ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික සන්නිවේදනය සහ සහයෝගිතා පවත්වනු ඇතැයි ද Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම