මේ වසරේ මුල් දින 25 තුළ සංචාරකයන් 80 000 ක් දිවයිනට
2023-01-30 15:16:39
Share with:

මේ වසරේ ගත වූ මුල් දින 25 තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව අසූදහස ඉක්මවා ගිය බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව දෛනික සංචාරකයන් සංඛ්‍යාව තුන්දහස ඉක්මවා තිබේ.

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම අගය විසි දහසකි. මේ අනුව, මාසිකව සංචාරකයන් එක් ලක්ෂ පන්දහසක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරාගත හැකිවනු ඇත. මේ වසර නිමා වන විට සංචාරකයන් පහළොස් ලක්ෂයක් දිවයිනට ගෙන්වා ගැනීම රජයේ අරමුණයි. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක ආදායමක් ලබාගත හැකි බවට අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම