‘අවි සංස්කෘතිය’ සහ පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් තැති ගැන්වෙන ඇමරිකානු සමාජය
2023-01-30 09:56:05
Share with:

වසර 55කට පෙර ඇමරිකාවේ අප්‍රිකානු සම්භාවයක් සහිත මානව හිමිකම් මෙහෙයුම් ක්‍රියාකාරිකයෙකු වූ Martin Luther King මහතා Tennessee ප්‍රාන්තයේ Memphis නගරයේ දී ඝාතනයට ලක් වී මුළු ලෝකය ම කම්පා විය.

වසර 55 කට පසු එම නගරයේදීම ,29 හැවිරිදි අප්‍රිකානු සම්භාවයක් සහිත Tyre Nichols නමැති තරුණයෙක් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ගේ  පහර දීම් හේතුවෙන් මිය ගොස් ඇත. එම සිද්ධිය ඇමරිකාව පුරාම ජනතාවගේ  කෝපයට හේතු විය. පසුගිය 27 වනදා රාත්‍රියේ සිට 28 වනදා දක්වා ඇමරිකාවේ නගර රැසක උද්ඝෝෂණ සිදුවිය.   

මූලික වශයෙන් සැලකීමේ දී , අප්‍රිකානු සම්භාවයක් සහිත ඇමරිකා ජනතාව  සම්බන්ධයෙන් ඇමරිකා පොලී‍සිය විසින් “විශේෂ සැලකීමක් ” සිදු කිරීමේ සිද්ධි නිතරම ඇතිවීමට හේතුවී ඇත්තේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරින් පවතින වර්ගවාදයයි. 2013 වසරේ සිට 2022 වසර දක්වා දත්තයන්ට අනුව, අප්‍රිකානු සම්භාවයක් සහිත ඇමරිකා ජනතාව සම්බන්ධයෙන් ප්‍රචණ්ඩකාරී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථා සුදු ජාතිකයින්ට වඩා සාපේක්ෂව 2.9 ගුණයකින් වැඩි වී ඇත.

එමෙන්ම, ඇමරිකානු පක්ෂ තරගකාරීත්වය හේතුවෙන් ඇමරිකාවේ පොලිස් සේවා පද්ධතියේ ප්‍රතිසංස්කරණය ද ඉතා අසීරු ය. 2021 වසරේ මාර්තු මස ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය   ‘George Floyd පොලිස් යුක්තිය පිළිබඳ පනත’ අනුමත කර ඇත. එහෙත් පක්ෂ දෙක අතර සාකච්ඡා අසාර්ථක වීමේ හේතුවෙන් පොදු එකඟතාවකට එළඹීමට නොහැකි විය. 2022 වසරේ මැයි මස Biden රජය පොලිස් නීති ක්‍රියාත්මක කිරීම ප්‍රතිසංස්කරණය කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීය. එහෙත් එහි නීතිමය බලය විශාල වශයෙන් අඩු වී කිසිදු බලපෑමක් සිදු නොවිණ.

ඊට අමතරව, ඇමරිකාවේ ‘අවි සංස්කෘතිය’ සහ පොලිස් ප්‍රචණ්ඩකාරී නීතිය ක්‍රියාත්මක කිරීම අන්‍යෝන්‍ය වශයෙන් සිදුවීමේ අයහපත් චක්‍රයක් නිර්මා‍ණය වී තිබේ. ස්විට්සර්ලන්තය පදනම් කරගත් සැහැල්ලු අවි ආයුධ විමර්ෂණ ආයතනයට අනුව, ඇමරිකාවේ පුද්ගලික අවි හිමිකම් ප්‍රමාණය මිලියන 393 ක් පමණ වෙයි. "ජනගහණයට වඩා අවි තිබීම" යන සත්‍යය හේතුවෙන් ඇමරිකානු පොලිස් නීතිය ක්‍රියාත්මක කිරීමේ අවදානම් වැඩි කර නීති ප්‍රචණ්ඩකාරී ලෙස   ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව වැඩිවීමට ද හේතුවී ඇත.

ගුවන් විදුලිය
20230606අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම