චීන නව අවුරුදු සමය තුළ පරිභෝජනයේ කැපීපෙනෙන වර්ධනයක්
2023-01-30 18:57:01
Share with:

චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරුණු දින 7ක නිවාඩු කාලය තුළ පරිභෝජනයේ ඉහළ වර්ධනයක්  වාර්තා වෙයි.

චීන වාණිජ අමාත්‍යාංශයේ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ අංශයේ නිලධාරි Geng Hongzhou මහතා මේ බව පැවසුවේ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එය, නව කොරොනා වසංගතය වැළැක්වීම හා පාලනය සඳහා වන චීන රාජ්‍ය මණ්ඩල යාන්ත්‍රණය විසින් පවත්වනු ලැබීය.

Geng Hongzhou මහතා පවසන්නේ වාණිජ අමාත්‍යාංශ දත්ත අනුව, වසන්ත උත්සව සමය තුළ, රට පුරා ප්‍රධාන සිල්ලර භාණ්ඩ හා ආහාර ව්‍යවසායන් හි අලෙවිය පසුගිය වසරේ සමාන කාලයට වඩා 6.8%කින් වර්ධනය වී ඇති බවයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම