අඛණ්ඩව රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බවට ඉන්දියාවෙන් සහතිකයක්
2023-01-29 14:27:12
Share with:

රුසියාවෙන් අඛණ්ඩව ඛනිජ තෙල් මිලදී ගනු ඇතැයි ඉන්දියාව ප්‍රකාශ කරයි.

ඉන්දියාව රුසියාවෙන් අඛණ්ඩව හා උපරිමයෙන් ඛනිජ තෙල් මිලදී ගනු ඇතැයි ඉන්දියාවේ ජී-20 කණ්ඩායමේ සම්බන්ධීකාරක Amitabh Kant මහතා 27වැනි දා ප්‍රකාශ කළ බව TASS පුවත් සේවය වාර්තා කරයි. බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇතත් ඉන්දියාව රුසියාව සමග පවතින සම්බන්ධතා වෙනස් නොවන බව ඒ මහතා කියා සිටී.

TASS පුවත් සේවයේ වාර්තා අනුව බටහිර රටවල් රුසියාවේ තෙල් මිළ කෙරේ සීමා පැනවීමට ඉන්දියාව සහය පළ කර නොමැත. මීට පෙර ඉන්දීය ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ස්වකීය බලශක්ති ආරක්ෂාව සලකා බලා ඉන්දියාව නොබැඳි ප්‍රතිපත්ති අඛණ්ඩව අනුගමනය කරන බවයි. ඛනිජ තෙල්වල කිසිදු රටක සලකුණක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම