චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව චීන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
2023-01-29 09:57:04
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (28) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. වත්මන් ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින්, වසර ආරම්භයේ දී ආර්ථික මෙහෙයුම් ස්ථාවර ලෙස ප්‍රකෘතිමත් වීම ප්‍රවර්ධනය කරන ලෙස චීන අග්‍රාමාත්‍යවරයා එහි දී ඉල්ලා සිටියේය. සරුසාර ධාන්‍ය අස්වැන්නක් සහ වැදගත් කෘෂිකාර්මික නිෂ්පාදනවල ස්ථාවර සැපයුමක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට අවශ්‍ය භෝග වගා කිරීම සඳහා සූදානම් විම ඉතා වැදගත් වනු ඇත. එසේම, ආර්ථිකයේ ගාමක බලවේගය වැඩිදියුණු කිරීම සඳහා පරිභෝජනය වේගවත් සහ ප්‍රකෘතිමත් කිරීම ප්‍රවර්ධනය කරන ලෙසත් ,විදේශ වෙළඳාමේ සහ විදේශ ආයෝජනවල ස්ථාවරත්වය පවත්වා ගන්නා ලෙසත් Li Keqiang මහතා එහි දී  ඉල්ලා සිටියේය.

වර්තමානයේ චීන ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවත් මෙම සමුළුවේ දී පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කටයුතු පිළිබඳ රැස්වීමේ අදාළ සැලසුම් ක්‍රියාත්මක කරමින් ,සේවා නියුක්තිය සහ මිල මට්ටම ස්ථාවර කිරීමටත්, සාධාරණ පරාසයක ආර්ථිකය පවත්වාගෙන යාමටත් උත්සාහ දැරිය යුතු ය.

චීනයේ වසන්ත කාලයේ වපුරන ලද ධාන්‍ය නිෂ්පාදනය මුළු වර්ෂයෙන්  සියයට 60ක් පමණ වේ. පෙබරවාරි මස ආරම්භයේ දී ගොවීන්ගේ උද්යෝගී බව ඇති කරමින් නිෂ්පාදනය සහ ආදායම ඉහළ නැංවීමට අදාළ දෙපාර්තමේන්තු පුළුල් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මෙහි දී පෙන්වා දුන්නේය.

මීට අමතරව, ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස පරිභෝජනය ප්‍රකෘතිමත් කිරීම ප්‍රවර්ධනය කිරීම, බාහිර ලෝකයට විවෘත වීම ස්ථාවරව පවත්වා ගැනීම සහ විදේශ වෙළඳාමේ ස්ථාවරත්වය සහ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී අවධාරණය විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම