පලස්තීන ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව පැවතීමට බලපාන ප්‍රධානම හේතුව චීනය පෙන්වා දෙයි
2023-01-29 18:58:54
Share with:

පලස්තීන ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව පැවතීමට බලපාන ප්‍රධානම හේතුව, ‘රාජ්‍යයන් දෙකක සැලැස්ම’ ක්‍රියාත්මක නොකිරීම බව චීනය පෙන්වා දෙයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් එම අදහස පළ කළේ අද(29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මෑතකදී උග්‍රවූ පලස්තීන ඊශ්‍රායල තත්ත්වය කෙරේ චීනය උපරිම අවධානය යොමු කරන බවත් සිවිල් වැසියෙන් ඉලක්ක කර ගෙන සිදු කෙරෙන කවර ආකාරයේ ප්‍රහාරයක් චීනය හෙළා දකින බවත් එම ප්‍රකාශකයා පැවසීය. වත්මන් තත්ත්වය සමනය කිරීමට කඩිනම් පියවර ගැනීම හදිසි කාර්යයකි. තත්ත්වය පාලනයෙන් තොරව වර්ධනය වීම වැළැක්වීම සඳහා විවිධ පාර්ශ්ව, විශේෂයෙන් ඊශ්‍රායලය, සංවර ආකල්පයක සිට සන්සුන්බවෙන් යුක්තව කටයුතු කළ යුතු  බව ඔහු පෙන්වා දෙයි.

පලස්තීන ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව පැවතීමට බලපාන ප්‍රධානම හේතු, ‘රාජ්‍යයන් දෙකක සැලැස්ම’ ක්‍රියාත්මක කර නොමැති වීම හා පලස්තීන ජනතාවගේ රටක් ස්වාධීනව ගොඩනැගීමේ සාධාරණ ඉල්ලුම දිගු කලක් පුරා ඉටු නොවීම යැයි ද අවධාරණය කෙරේ.

පලස්තීන ඊශ්‍රායල සංවාදයක් යළි ආරම්භ කිරීම පෙළඹවීමට ජගත් ප්‍රජාව හදිසි පියවර ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම