යුරෝපා සංගමයට තෙල් ආනයනය කිරීමේ දී රුසියාවට මිල සීමාවක් පැනවීමට G7 රටවල්වල එකඟත්වය
2023-01-29 09:55:59
Share with:

රුසියාවෙන් යුරෝපා සංගමයට ඩීසල් ආනයනය කිරීමේ දී මිල සීමාවක් පැනවීමට G7 රටවල් එකඟත්වය පළ කරයි .

ඩීසල් ඇතුළු පිරිපහදු කළ තෙල් නිෂ්පාදන ආනයනය සඳහා නව මිල සීමාවක් සමඟ රුසියානු බලශක්තිය මත පනවනු ලබන නව බටහිර සම්බාධක සැලසුමක් පෙබරවාරි 5 වැනිදා ආරම්භ වේ. රුසියානු ඩීසල් තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100ත් 110 ත් අතර මිලකට සීමා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වූ බව බ්ලූම්බර්ග් සේවය ඊයේ (28) වාර්තා කළේය.

බටහිර රටවල් විසින් පනවා ඇති මෙම මිල සීමා කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් රුසියාව මේ වසරේ පෙබරවාරි 1 වනදා සිට මිල සීමා පැනවූ රටවලට තෙල් නිෂ්පාදන සැපයීම තහනම් කරන බව ද නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම