චීනයේ ග්‍රාමීය කර්මාන්තය ස්ථාවර හා ධනාත්මක සංවර්ධනයක් අත්පත් කර ගනී
2023-01-29 11:16:23
Share with:

2022 වසරේ චීනයේ ග්‍රාමීය කර්මාන්තය ස්ථාවර හා ධනාත්මක සංවර්ධන තත්ත්වයක පැවතුනු අතර ගම්මානවල විශේෂ කර්මාන්ත සාමූහිකව සීඝ්‍රයෙන් සංවර්ධනය කෙරුණු බව චීන කෘෂිකාර්මික හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

2022 වසරේ චීනය අලුතින් හඳුන්වාදුන් "එක් ගමක්, එක් විශේෂ නිෂ්පාදනයක්" ජාතික වැඩසටහන, ආදර්ශන ගම්මාන හා උප නගර  395ක ක්‍රියාත්මක කර ඇත. මේ වන විට එම වැඩපිළිවෙළ සමස්ත චීනය පුරා ගම් හා උප නගර 4068ක ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව වාර්ෂික නිෂ්පාදනයේ සමස්ත වටිනාකම යුවාන් බිලියනය ඉක්මවා ඇති උප නගර ගණන 199ක් වන අතර, යුවාන් කෝටි 10 ඉක්මවා ඇති ගම්මාන සංඛ්‍යාව 306කි. එම වැඩපිළිවෙළ මගින් ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම