ඇමරිකානු පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනතා විරෝධතා
2023-01-29 10:43:11
Share with:

ඇමරිකානු පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව එර‍ට බොහෝ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක කෙරේ.

පසුගිය 7 වැනිදා ඇමරිකාවේ Tennessee ජනපදයේ Memphis නගරයේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපය හේතුවෙන් Tire Nichols නම් කළු ජාතිකයෙක් මිය ගියේය. එම සිද්ධිය ඇතුළත් වි‍ඩියෝව‍ 27 වැනිදා නිකුත් කර තිබේ. එම විඩියෝවට අනුව අදාළ පොලිස් නිලධාරීන් Tire Nichols හට විදුලි කම්පන හා විෂ රසායනික සහිත ගිනි අවි භාවිත කරමින් පොලිස් මුගුරින් ද පහර දීම් සිදු කර ඇත.

එම විඩියෝව නිකුත් කිරීමෙන් පසු Memphis, Washington, Detroit, NewYork, Chicago හා Atlanta ඇතුළු නගරවල ජනතාව ඊට එරෙහි විරෝධතාවන්ට එක් විය. ඇමරිකාවේ ගැඹුරින් මුල් බැස ඇති පොලිස් ප්‍රචණ්ඩත්වය බලාත්මක කිරීම හා වර්ගවාදී ප්‍රශ්නය හෙළා දැකීම, ඊට ගොදුරු වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලීම එම විරෝධතාවන්හි අරමුණ වී ඇත. Boston හා Portland ඇතුළු බොහෝ ප්‍රදේශවල ද මෙම අසාධාරණයට එරෙහි උද‍්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම