ලෝකයට උණුසුම් සුළං හැමූ වසන්ත උත්සව පරිභෝජන සමය
2023-01-28 22:36:45
Share with:

වසන්ත උත්සව කාලය තුළ චීනයේ දේශීය සංචාරක ආදායම යුවාන් බිලියන 375.8කි.  එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 30ක වර්ධනයකි. සිනමා ප්‍රවේශපත්  ආදායම යුවාන් බිලියන 6.8ක් පමණය.  එය සියයට 11.89ක වැඩිවීමකි. ආගමන හා විගමන ප්‍රමාණය සියයට 120.5කින් වැඩි වීමත් විශේෂත්වයකි. 

චීනය මෑතකදී නිකුත් කළ එවන් දත්ත, උදා වූ සාම්ප්‍රදායික හාවාගේ වසරේ ආරම්භයේදී චීන ආර්ථිකයේ යහපත් ආරම්භයක් ලෙසට පැවසිය හැකිය .

මෙවර වසන්ත උත්සවය චීනයේ වසංගත පාලන ප්‍රතිපත්තිය ප්‍රශස්තකරණය කිරීමෙන් පසු පිළිගැනුණු පළමු වසන්ත උත්සවයය.  තෘප්තිමත් දත්ත තුළින් චීනයේ ප්‍රබල පරිභෝජන හැකියාව විදහා පා තිබේ. එහෙත් වසංගතය වරින් වර මතු වූ 2022 වසරේ චීනයේ පරිභෝජන පිරිවැය ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්වය සියයට 32.8ක් පමණ විය. කෙසේ වුවද පරිභෝජනය පුනරුත්ථාපනය කර පුළුල් කිරීම, වසර 2023නේ ප්‍රමුඛ කාර්ය ලෙස සලකන බව ගෙවී ගිය වසරේ අග භාගයේ පැවැත්වූ මධ්‍යම ආර්ථික කාරක රැස්වීම  ප්‍රකාශ කර ඇත. වසංගත පාලන ප්‍රතිපත්තිය සකස් කිරීමත් සමගම පරිභෝජන කූපන් නිකුත් කිරීම, අවුරුදු භාණ්ඩ උළෙල පැවැත්වීම ඇතුළු පරිභෝජන උත්තේජන විධිවිධාන ක්‍රියාත්මක කෙරේ. බහු සාධක යටතේ මෙම වසරේ වසන්ත උත්සව කාලය යළි ‘ස්වර්ණමය සතිය’ බවට පත්වී තිබේ.

හනාන් පළාතේ සුපිරි වෙළඳසැලක, චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවයෙන් ප්‍රවාහනය කෙරුණු යු‍රෝපියානු කිරි, චොක්ලෙට්, වයින් හා මස් නිෂ්පාදිත, චීන පාරිභෝගිකයින් විසින් අවුරුදු කාලයේ ඥාතීන් හා මිත්‍රයින්ට තිළිණ කිරීමේ මනා තෑගි ලෙසට තෝරා ගනු ලැබිණ. චීන ලාඕස දුම්රිය මාර්ගයෙන් චීන පාරිභෝගිකයින්ට නැවුම් නිවර්තන පලතුරු නිෂ්පාදිත ගෙන දී තිබේ. රූපලාවන්‍ය ද්‍රව්‍ය, පාන වර්ග, ජලජ නිෂ්පාදිත ඇතුළු ආනයනික භාණ්ඩවලට චීනයේ විශාල ඉල්ලුමක් පවතී. මේ තුළින් චීන වෙළඳපොලේ ආකර්ෂණය පිළිබිඹු වෙනවා පමණක් නොව, විදේශ ආයෝජනය චීනය කෙරේ විශ්වාසය ද තවදුරටත් ප්‍රබල වනු ඒකාන්තය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම