Jerusalem හී ප්‍රහාරය ජගත් මහලේකම්වරයා දැඩිව හෙළා දකී
2023-01-28 16:00:16
Share with:

Jerusalem හී ආගමික ස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැඩිව හෙළා දකී.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයෝ 8 දෙනෙක් මිය ගොස් 10 දෙනෙක්  තුවාළ ලැබූහ. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතාගේ ප්‍රකාශකයා නිවේදනයක් පළ කරමින් පැවසුවේ එම ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩිව හෙළා දකින බවයි. ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ ඥාතීන් වෙත ශෝකය පළ කරමින් තුවාළ ලැබූවන්ට ඉක්මන් සුවය පතන බව Antonio Guterres මහතා සඳහන් කරයි. දැඩි සංයමයෙන් යුතුව සිටින ලෙසට හෙතෙම විවිධ පාර්ශ්ව වලින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම