යුරෝපීය කොමිසම හරිත කර්මාන්ත අරමුදලක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සාමාජික රටවල් 7 ක විරුද්ධත්වය
2023-01-28 10:59:43
Share with:

හරිත කර්මාන්ත සඳහා නව යුරෝපා සංගම් අරමුදල් පිහිටුවීමේ යුරෝපීය කොමිසමේ සැලැස්මට එරෙහිව සාමාජික රටවල් 7 ක්  ලිපියක් යොමු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, එස්තෝනියාව සහ ස්ලෝවැකියාව එම රටවල් හතයි. ජනවාරි 26 දින අත්සන් කරන ලද එම ලිපිය යුරෝපීය කොමිසමේ වෙළඳ කටයුතු උප සභාපති Valdis Dombrovskis වෙත යොමු කර ඇත.

යුරෝපා සංගමය තවත් මුදල් සෙවීමට වඩා දැනටමත් අනුමත මුදල් භාවිතා කළ යුතු බව  එම අරමුදල් සැලැස්මට විරුද්ධ සාමාජික රටවල් ලිපිය මගින් තර්ක කොට ඇතැයි රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම