මේ දින වල ව්‍යාප්ත වන ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ඇමරිකාවේ සිදු වූ ළමා මරණ සංඛ්‍යාව 100කට ආසන්නයි
2023-01-28 11:29:34
Share with:
මේ දිනවල පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ඇමරිකාවේ ළමා මරණ 100ක් පමණ සිදුව ඇතැයි වාර්තා වේ.
එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත වලට අනුව, මේ වනවිට, ළමුන් 91දෙනෙක් මෙවර ඉන්ෆ්ලුවෙන්සා සමයේ මිය ගොස් ඇත. මෙම කාලය තුළ, 2කෝටි 50ලක්ෂයක් පමණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වෙතැයි එම මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබේ. 2ලක්ෂ 80දහසක් පමණ රෝහල්ගත වනු ඇති අතර, 17දහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයෙන් මිය යාමේ ඉඩකඩ පවතී.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අඛණ්ඩ ව පැතිර යන කාල සීමාවේදී වයස මාස 6ට වැඩි පුද්ගලයන් සෑම වසරක ම ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගත යුතු බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.