2022 යල කන්නයේ හෙක්ටාරයකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක්
2023-01-28 16:02:21
Share with:

2022 යල කන්නයේ හෙක්ටාරයකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී තිබේ.

2023 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න හා වී වගාව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කෙරුණු වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී ඇත.

2022 යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමට පෙර ගොවි ජනතාව වගා කටයුතු ආරම්භ කර තිබූ අතර, ඒ වනවිටත් වී වගා කර තිබුනේ හෙක්ටාර 248,000ක පමණි.

වත්මන් රජය ගත් තීරණයක් අනුව 2022 යල කන්නයේ දී යුරියා පොහොර ලබා දීමට පියවර ගැනිණ.

ඒ අනුව ගොවීන් නැවත වතාවක් වී වගාව ආරම්භ කළ අතර වී වගා කළ සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටාර් 512,000 දක්වා ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම