චීන යුද හමුදා ගෞරව සහ ප්‍රශංසා පද්ධති කළමනාකරණය පිළිබඳ රෙගුලාසි නිකුත් කෙරේ.
චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා නියෝගයක් අත්සන් කරමින් " යුද හමුදා ගෞරව සහ ප්‍රශංසා පද්ධති කළමනාකරණය පිළිබඳ රෙගුලාසි " නිකුත් කළේය. එම රෙගුලාසි 2023 වසරේ ජනවාරි මස පළමු දා සිට බලාත්මක වී තිබේ.
ෂී ජින්පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයට අනුව හමුදා ශක්තිමත් කිරීමේ සංකල්පය අනුගමනය කෙරන එම රෙගුලාසිය ෂී ජින්පිං මහතාගේ යුද හමුදා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමකි.
යුද්ධයට සූදානම් කිරීමේ ප්‍රධාන කටයුතු කෙරෙහි අවධානය යොමු කර යුද හමුදා ගෞරව සහ ප්‍රශංසා පද්ධති කළමනාකරණය පද්ධතියට එකතු කිරීම ඉන් සිදු කෙරේ.ඉතිහාසය උරුම කර නවොත්පාදනය මත සංවර්ධනය කිරීම අනුගමනය කරන එම රෙගුලාසිය හරහා යුද හමුදා ගෞරව සහ ප්‍රශංසා පිළිබඳ කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ගොඩනගා තිබේ. හමුදා රැකියාවේ මෙහෙවර සහ ගෞරවය පිළිබඳ හැඟීම් ශක්තිමත් කරමින් ගෞරවය වැදගත් කොට සලකා වීරයන්ය ගරු කිරීමේ සාමාජීය පරිසරයක් නිර්මාණය කිරීම එම රෙගුලාසිය හරහා සිදු කෙරේ.
යුද හමුදා ගෞරව සහ ප්‍රශංසා පද්ධති කළමනාකරණය සඳහා චීන යුද හමුදාවේ ප්‍රථම පුළුල් මෙන්ම ක්‍රමානුකූල වැදගත් නීති රෙගුලාසියක් ලෙසට ද එය සැලකේ.