පැපුවා නිව්ගිනියාවේ ආණ්ඩුකාර ජනරාල්වරයා ලෙස නැවත පත්වූ බොබ් ඩඩේ මහතාට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2023-01-27 19:02:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැපුවා නිව්ගිනියාවේ ආණ්ඩුකාර ජනරාල්වරයා ලෙස නැවත පත්වූ Bob Dadae මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.

පැපුවා නිව්ගිනියාව චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු පැසිෆික් දූපත් රටවලින් එකක් බවත් දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සදාකල් පවතිනු ඇති බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. දෙරට සබඳතා වර්ධනය අගය කරන චීනය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා Bob Dadae මහතා සමඟ එක්ව ක්‍රියා කිරීමට කැමැත්තෙන් පසු වන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම